මේ blog එකට ඉක්මනට එන්න මේ app එක බාගන්න.
download

ARDUINO හැදින්වීම

                                                         ARDUINO

 ඔයාලා දන්නවනේ මේ බ්ලොග් එකේ තාක්ෂණයට වැඩි ඉඩක් දෙන බව.

EAGLE ELECTRY ඒ කියන්නේ මගේ අනුවර්ත නාමය.කරන කොට මොනව හරි ප්‍රශ්න තියනවනම්
EE කියලා මගේ short name එක දාලා මට අමතන්න.

අද මම ආරම්භ කරන්න යනනේ අපූරු ලිපි මාලාවක පලමු ලිපිය.

ඒ Arduino ගැන.

සාමාන්‍ය circuit එකක අපිට කරන්න පුලුවන් ඒකට එන වැඩේ විතරයිනේ.උදාහරනයක් කිව්වොත් අපි හිතමු Night Rider Circuit එකක් කියලා සාමානයෙන් එකේ හදන්න පුළුවන් Night Rider circuit එක විතරයිනේ.
Arduino වල එහෙම නෑ.මේක පාලනය වෙන්නේ මේකට දීලා තියන උපදෙස් මත.ඒ නිසා මේ වලින් අපිට කරන්න බැරි දෙයක් නෑ වගේ තමයි.

ඉතිං ඔයාලට Electronic ,Programing දැනුම අවශ්‍ය වෙනවා.එහෙම කිව්වට බය වෙන්න එපා මචෝ.EE ඉන්නේ ඔයාලට ඒ හැම දෙයක්ම කියලා දෙන්න.

වලින් ඔයාලට ලේසියෙන්ම රොබෝලා හදන්න දුරස්තව යමක් පාලනය කරන්න එහෙමත් පුළුවන්.Blutooth හරහා යමක් ක්‍රියාත්මක වෙන්න Wifi වලින් ගෙදර Light Off කරන්න වගේ වැඩ කරන්නත්
පුළුවන්.

රොබෝලා කිව්වට සාමන්‍ය රොබෝලා වඩා සුපිරි රොබෝලා හදන්න පුළුවන්.අපි ඇඳපු පාරක්  දිගේ යන රොබෝ කෙනෙක්.ආලොකය දෙසට හැරෙන රොබෝ කෙනෙක්.

ඒවායින් වැඩක් නෑ.

අපි වැඩේට Enter වෙමු.

මුලින්ම ඔයාලට අවශ්‍ය වෙනවා Arduino Board එකක්.
මුලින්ම පටන් ගන්න අයට සුදුසු Arduino UNO board එක.

තව ඔයාලට අවශයයි

Bread board එකක්.

Jumper වයර්ස්

මීට අමතරව ඔයාට computer එකක් තියෙන්න ඕන.



මේවා ලංකාවේ මිලදී ගන්න තියන ස්ථාන.

Unitech Trading (Pvt) Ltd - පළමු හරස් වීදිය, කොටුව,01100

මාතර තරංග ඉලෙක්ට්‍රොණික්ස්

ලංකාවේ අන්තර්ජාලයෙන් ගෙදරටම ගෙන්න පුළුවන් සේවා

https://www.facebook.com/ArduinoShopLK

 www.lankatronics.com/lakduino.html


ebay එකෙන් ගෙන්නවන්න ඕන නම් මෙන්න link එක


http://www.ebay.com/bhp/arduino

තව අපිට ඕන arduino  එක computer එකට සම්බන්ධ කරන cable එක
arduino board එකත් එක්ක cable එක හම්බ වේවි.


පහල තියන පිංතූර ටික බලන්නකෝ.

ඒවා උඩ කරලා තත්පර 5ක් ඉඳලා skip ad දුන්නම ebay link වලට යන්න පුළුවන්.












මීට අමතරව
Arduino software එක සහ java ඕන.

පහලින් Download කරගන්න.
කරලා තත්පර 5ක් ඉදලා skip ad දුන්නම download වේවි.
ඔයාගේ system එකට ගැලපෙන download link එක click  කරලා බාගන්න.

Arduino software download


Java download





මේවායින් වැඩ කරන විදිය දෙවන ලිපියෙන් බලමු.

 comment එකක් දාලා යන්න.

No comments:

Post a Comment

right click disable